Friday, October 16, 2015
Friday, February 13, 2015
මුඩුබිමේ අවසන් සේයා සටහන්
මැදපෙරදිග මුඩු බිමේ ජීවිතයට සමුදීලා මං ආපහු ලංකාවට ගොඩ බැස්සෙ මේට මාසෙකට කලින්. පිටිසර ගමක ගෙවන ජිවිතය අතරතුර කැමරාව නිතරම ක්‍රියාත්මක උනත්, බ්ලොග් එක යාවත්කාලීන කරන්න නම් අවකාශයක් ලැබුනෙ නෑ. ඒ අපේ පලාතට කිසිම සන්නිවේදන ආයතනයක අන්තර්ජාල පහසුකම් ලැබෙන්නෙ නැති නිසා. 2G පහසුකම් විතරයි අපට ලැබෙන්නේ. ඉතින් ඒ හරහා එක පින්තුරයක් උඩුගත කරන්නත් සෑහෙන්න වෙලාවක් ගත වෙනවා. ඒ නිසා ඉදිරියට තනි පින්තුරේ බැගින් පල කරන්නවත් උත්සහ කරන්නයි හිතන් ඉන්නෙ.
මේ බ්ලොග් සටහනේ පල කරන්නෙ කටාර් වල මං ගෙවපු අවසන් කාලයේ ගත්ත පින්තූර කිහිපයක්.
කටාර් රාජ්‍යයේ පිහිටන එකම තෙත් බිම අල් කෝර් ආසන්නයේ තියෙන Purple Island කියන අර්ධ දූපතේ කදවුරු ලෑමට ගිය දවසකයි මේ පින්තුර ටික සටහන් කර ගත්තේ.
![]() |
| හිරු උදාව |
![]() |
| සවස් යාමයේ Purple Island |
![]() |
| මේ පැස්බරාගේ පින්තුරේ සටහන් කර ගත්තෙ අපේ ගොවිපල අසල තියෙන පොඩි සත්තු වත්තකදී |
කටාර් රාජ්‍යයේ උතුරු ප්‍රදේශයට වෙන්න තියෙන අල් කූට් බලකොටුව නරඹන්න ගිය අතරෙයි පහල පින්තුර ටික සටහන් කර ගත්තේ.
ආපසු..
ජිවිතේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට පෙරලිලා. සති දෙකකට කලින් මං මැදපෙරදිග මුඩුබිමේ රැකියාවට සමුදීලා මවු බිමට පය තිබ්බා. විවාහයෙන් මාසෙකට පස්සෙ පිටිසර ගම්මානයක පුංචි ගුරු නිවහනක තනියම ඇගිලි ගනිමින් හිටපු බිරිදගේ තනිකම මකලා ලඟින් ඉන්න මොහොතකට අවකාශයක් ලැබුනා.
අවුරුදු දෙකකට කලින් සීමාවාසික පුහුණුව අතර මඟ දාලා ගියපු එකේන් නම් මට සෑහෙන පාඩුවක් උනා. අවුරුදු හය හතකට පස්සෙ රජයේ සේවයට බඳවා ගන්න ගොන්නට එකතු වෙන්න තිබිච්ච අවකාශය වැහිලා ගියේ ඒ පුහුණුව සම්පූර්ණ නොකල නිසාමයි. ඒත් ඉතිං මෑතකදි ආයෙමත් කොටසක් බඳව ගන්න බවට ආරංචි උනු නිසා තමයි මේ සීමාවාසික පුහුණුව හැකි ඉක්මනින් ඉවර කර ගන්න අදහසින් හදිසියේම අපහු ආවේ. ඒත් ඉතිං මේ තියෙන දේශපාලන වාතාවරණය එක්ක ඔය දේවල් වෙනස් වෙයිද කියලා කවුද දන්නෙ.
කොහොමින් කොහොම හරි, අපේ ගම් පලාතේන් ජනාධිපතිවරයෙකුත් පත් කර ගත්තයින් පස්සෙ මගේ සිමාවාසික පුහුණුවේ මගහැරුන කොටස ආයෙමත් පටන් ගත්තා. ස්ථානය රජයේ කිරි ගොවිපලක්. අප්පේ කියලා වැඩක් නෑ. මෙතන වැඩ නම් අන්තිමයි.
ඉතිං, ටික දවසකට කලින් වෙනම ලෝකයක හිටිය මං දැං ආයෙමත් මං ඇත්තටම අයිති පොලවේ, පරන බයික් කට්ටක් පැදගෙන, රැකියාවකට යනවා.
අවුරුදු දෙකකට කලින් සීමාවාසික පුහුණුව අතර මඟ දාලා ගියපු එකේන් නම් මට සෑහෙන පාඩුවක් උනා. අවුරුදු හය හතකට පස්සෙ රජයේ සේවයට බඳවා ගන්න ගොන්නට එකතු වෙන්න තිබිච්ච අවකාශය වැහිලා ගියේ ඒ පුහුණුව සම්පූර්ණ නොකල නිසාමයි. ඒත් ඉතිං මෑතකදි ආයෙමත් කොටසක් බඳව ගන්න බවට ආරංචි උනු නිසා තමයි මේ සීමාවාසික පුහුණුව හැකි ඉක්මනින් ඉවර කර ගන්න අදහසින් හදිසියේම අපහු ආවේ. ඒත් ඉතිං මේ තියෙන දේශපාලන වාතාවරණය එක්ක ඔය දේවල් වෙනස් වෙයිද කියලා කවුද දන්නෙ.
කොහොමින් කොහොම හරි, අපේ ගම් පලාතේන් ජනාධිපතිවරයෙකුත් පත් කර ගත්තයින් පස්සෙ මගේ සිමාවාසික පුහුණුවේ මගහැරුන කොටස ආයෙමත් පටන් ගත්තා. ස්ථානය රජයේ කිරි ගොවිපලක්. අප්පේ කියලා වැඩක් නෑ. මෙතන වැඩ නම් අන්තිමයි.
ඉතිං, ටික දවසකට කලින් වෙනම ලෝකයක හිටිය මං දැං ආයෙමත් මං ඇත්තටම අයිති පොලවේ, පරන බයික් කට්ටක් පැදගෙන, රැකියාවකට යනවා.
Thursday, December 25, 2014
මඟ තොට සේයා මතක
ලංකාවේ ඉදන් ඇවිත් මාස කිහිපයකුත් ගෙවිල ගිහින්. එත් පල කරන්න බැරි උන පින්තුර ගොඩක් තාම පරිඝනකයේ එකතු වෙලා තියෙනවා. රැකියාවේ කාර්යබහුල කම නිසා වල් බිහිවේගෙන එන මේ බ්ලොග් එකට සැහෙන කාලෙකින් පොස්ට් එකක් විදිහට පල කරන්න හදන්නේ ඒ අතරින් පින්තුර ටිකක්.
නිවාඩු කාලයේ එහා මෙහා ගමන් අතරතුර මඟ තොටදී ගත්ත පින්තුර ටිකක් තමයි මේ. උඩින්ම තියෙන්නේ ටිකක් ප්‍රසිද්ධ මනම්පිටිය පැරණි පාලම. කොළඹ - මඩකලපුව මාර්ගයේ මහවැලි ගඟ හරහා නිතර නිතර ගිය ගමන් අතරේදී තමයි මේ පින්තුරය සටහන් කර ගත්තේ. පහළින් තියෙන්නෙත් ඒ පාලමේම පිංතුරයක් තමයි. හැබැයි ඉතිං ඒ පින්තුරේ ඉන්න ජෝඩුව නම් මං අදුරන්නේ නෑ.
කොළඹ - මඩකලපු මාර්ගයේදී නිතර ඇහැ ගැටුණු තවත් දසුනක් තමයි ඊළග පින්තුර දෙක. දිඹුලාගල හුදෙකලා කදුවැටිය.
![]() |
![]() |
![]() |
| මඩකළපු මාර්ගය කොලකනවාඩිය සිවිල් ආරක්ෂක මුරපොළ ලඟදි |
පහළ තියෙන පින්තුර ටික නම් සටහන් කර ගත්තේ මහවැලි ගම්මාන පුරාවට වතුර අරන් යන ප්‍රසිද්ධ ZD ඇළ ඉවුර දිගේ එහා මෙහා ගිය ගමන් වලදී...
වැලිකන්ද නගරයත් අපේ ගමත් අතර මාර්ගයේදී තමයි පහල පින්තුර දෙක සටහන් කර ගත්තේ. ඒ දෙකම ජංගම දුරකතනයෙන් ගත පින්තුර
![]() |
| වියලි කලාපයේ තවත් දිනයක් නිමාවක් |
![]() |
| වහින්න වගෙයි ලෑස්ති. |
ඉහල පින්තුර දෙක නම් මග තොටදී ගත්ත ඒවා නෙමෙයි ඔන්න. අපේ නිවහන ලගදි තමයි මේවා නම් ගත්තේ.
![]() |
| සෝමාවතිය පුජාභුමිය දිහාවට යන ගමනේදී. |
![]() |
| ත්‍රිකොනමඩු-සෝමාවතී මාර්ගයේ තියෙන කන්දකාඩු යුධ හමුදා ගොවිපල. |
![]() |
| පරාක්‍රම සමුද්‍රයේ පළමු සොරොව්වේ වතුර අරන් යන එකේ ඇළ |
![]() |
| ඔය ගමන් අතරේ සමහර විට නැවතිලා කුරුල්ලෝ කීප දෙනෙකුත් අල්ල ගත්තා |
රජරටින් අපි උඩරට දිහාවටත් ගියා පොඩ්ඩක් නෑදෑ පරපුර බලල එන්න පහල පින්තුර ගත්තේ ඒ ගමනේදී.
![]() |
| මාතලේ ඇටිපොල කන්ද - ජංගම දුරකතනයෙන් |
![]() |
| මේ සැරේ මං වඩාත් කැමති පින්තුරේ අන්තිමට තමයි පල කලේ. |
Labels:
Sri Lanka,
Travel,
චාරිකා,
පොලොන්නරුව,
බිම් සලකුණු,
මිහිපිට සුරපුර,
රජරට,
ශ්‍රී ලංකා
Sunday, November 30, 2014
අද්භූත ගම්මානයේ කඳවුර | CAMPING AT MYSTERIOUS VILLAGE
![]() |
| අපේ කඳවුර |
ලංකාවේ ගෙවපු නිවාඩුවේ පින්තුර තව ඉතිරි වෙලා තිබුනත් පහුගිය දවසක අපි ගියපු ගමනක් පින්තුර ටිකක් ඊට කලින් පල කරන්න ඕන කියලා හිතුනා.
හුදෙකලාවේ ගෙවෙන යාන්ත්‍රික ජිවිත මොහොතකට අමතක කරලා මේ පොඩි චාරිකාව යන්න සැලසුම් කරගෙන හිටියේ සෑහෙන දවසක ඉදලයි. මගේ එක සගයෙක් වෙච්ච සුවාට තිබුණු කඳවුරු (Camping) උණ නිසා අපි ඒ චාරිකාව කාන්තාරයේ කඳවුරුලෑමක් බවට පත්කරන්න තීරණය කළා. හැබැයි මේ චාරිකාව පියවර දෙකකින් කරන්නයි අවසනේදී තීරණය උනේ.
පලවෙනි පියවර විදිහට දහවල් කාලයක අපේ කදවුර සදහා තැනක් හොයා ගන්න නියමු චාරිකාවක් විදිහටත්, දෙවෙනි පියවර රාත්‍රී කාලයේ අදාළ තැන කදවුරු බඳින්නත් තමයි සැලසුම උනේ. ස්ථානය උනේ කටාර් සිනමා නගරය ළඟ පිහිටපු අද්භූත ගම්මානය. මේ වසරේ මුලදීත් මං මේ තැනට ගියා. මේ තියෙන්නේ එදා එකතු කර ගත්ත පින්තුර ටික.
කටාර් රාජ්‍යයේ බටහිර වෙරළ ආසන්නයේ තමයි මේ ස්ථානය පිහිටලා තියෙන්නේ. දෝහා නගරයේ ඉදන් දුක්කාන් අධිවේගී මාර්ගය දිගේ ඇවිත්, Cuban රෝහල අසලන් උතුරු දිශාවට ගමන් කරන මාර්ගයෙන් ගමන් කලොත් ලේසියෙන්ම මේ ස්ථානය හොයා ගන්න පුළුවන්. මේ මාර්ගය අවසන් වෙන තැන ඉදන් වෙරලට සමාන්තරව කාන්තාරය දිගේ උතුරු දිහාවට යන්නයි තියෙන්නේ. ගුගල් සිතියමෙන් ලේසියෙන්ම තැන හොයා ගන්න පුළුවන්.
ඉතින් මේ තියෙන්නේ මේ ගමනේදී එකතු කර ගත්ත පින්තුර වලින් තිර ගත්ත ඒවා කිහිපයක්.
![]() |
| අද්භූත භුමි ලක්ෂණ |
![]() |
| ගවේශකයා (සුවා) |
![]() |
| බිම්මලක් |
![]() |
| ගමන් සගයා |
![]() |
| අද්භූත ගම්මානයේ පිවිසුම |
![]() |
| අපේ කඳවුර හැදුවේ මේ පින්තුරේ වම කෙලවරේ |
![]() |
| සිනමා ගම්මානය |
ඉහල තියෙන පින්තුර දවල් කාලයේ ගමනේදී එකතු කර ගත්ත ඒවා. මෙතනින් පහල තියෙන්නේ දෙවෙනි පියවරේදී එකතු කර ගත්ත පින්තුර
![]() |
| දුක්කාන් අදිවේගී මාර්ගය ඔස්සේ |
![]() |
| සිනමා ගම්මානය රාත්‍රී අහස යට |
![]() |
| පසුදින උදෑසන හිරු උදාවට ප්‍රථමයෙන් |
![]() |
| Zikreet වෙරල |
![]() |
| ඔය ඉන්නේ ගමන් සගයෝ ටික |
![]() |
| සුරංගනා කතාවක් නෙමෙයි. මේ කාන්තාරය. |
ජංගම දුරකතනයේ කැමරාවෙනුත් පින්තුර කීපයක් ඇල්ලුවා
![]() |
| පැනොරාමාවක් (ජන්ගමයෙන්) |
![]() |
| ජංගම දුරකතනයේ කැමරාවෙන් |
![]() |
| ජංගම දුරකතනයේ කැමරාවෙන් |
![]() |
| ගමන අවසානයේදී අපේ ගමන් සගයාගේ ලස්සන |
Location:
Zekreet, Qatar
Subscribe to:
Posts (Atom)









































































