Showing posts with label මතක. Show all posts
Showing posts with label මතක. Show all posts

Tuesday, October 18, 2016

අලුත් තොරතුරු...

කාලය බොහොම වේගයෙන් ගෙවී ගිහින්. බ්ලොග් අවකාශයේ ඉතා ක්‍රියාකාරිව සිටි විදේශගත ජීවිතයට සමු දීලා දැනට වසරකුත් මාස දහයක් විතර ගෙවිලා ගිහින්. මේ කාලය අතර තුරේ ජීවිතේ බොහෝ දේ වෙනස් වෙලා.
ලංකාවට ඇවිත් ටික දිනකින්ම මගේ සීමාවාසික පුහුනුව නැවත පටන් ගත්ට්ග බව මං මීට කලින් පෝස්ටුවක සටහන් කලා. පුහුණුව අවසාන වෙද්දිම මගේ ගම් පලාතෙම සායනයක් පටන් අරගත්තා. ඊට මාස කිහිපයක පස්සෙ තමයි ගම් පලාතෙම ගොවිපලක නේවාසික පශු වෛද්‍යවරයා ලෙස සේවය කරන්න අවස්ථාව ලැබුනේ. මේ වෙනකොට මේ රැකියාවටත් වසරක් සපිරිලා.
වඩා සැහැල්ලු ජිවිතයක් ගත කරන බලාපොරොත්තුවෙන් ලංකාවට ආවට මොකෝ දැන් ජීවිතේ බොහොම සංකීර්න වෙලා. ප්‍රදේශයේ ටිකක් ප්‍රචලිත පශු වෛද්‍යවරයකු වෙද්දි කාර්‍යබහුල බව ගොඩක් වැඩි වෙලා. ඒ විතරක්ද, නේවාසික ගොවිපල විතරක් නෙමෙයි, ආයතනයට අයත් වියලි කලාපයේ තවත් ගොවිපලවල් පහක් භාරව ඉන්න නිසා සතියෙ දවස් කිහිපයක්ම මහ පාරෙ ගෙවන්නත් සිද්ද වෙලා. නිතර රාජකාරි කටයුතු වලට සංචාරය කරන්න වුනත්  මගේ  ප්‍රියතම විනෝදාංශය වෙච්ච පින්තූර ඇල්ලිල්ලටත් දැන් වෙලාවක් නැති වෙලා.
ඔන්න ඔය ආකාරයට ජීවිතය ගෙවිල යද්දි මෑතකදිම වෙච්ච්ච විශේෂ දෙය තමයි බිළිඳු කිරි සුවදක් අපේ පවුල එකතු වෙච්ච එක. කාර්‍යබහුලත්වය අතරේ සිතට  නිවන ගේන ගෙදර, මේ වෙනසත් එක්කම වඩා සතුටු දායක තැනක් වෙලා.
ඔන්න ඕව තමයි අලුත්ම අප්ඩේට්ස්. ආයෙත් බ්ලොග් එක නිතර අප්ඩේට් කරන බලාපොරොත්තුවෙන් තමයි මේ සටහන තිබ්බෙ.