Showing posts with label පිංතූර. Show all posts
Showing posts with label පිංතූර. Show all posts

Tuesday, September 4, 2012

කටුස්සා

මක් වෙනවද
වෙනස් කෙරුවට
පැහැ
පැවැත්මට මිස
කුහක කමකට නෙවෙයි
මම ....




pic by me
location- hanthana

Friday, August 17, 2012

නමුනුකුල හා සහචරයෝ








ඊයේ නමුනුකුල පාමුලට ආව බව කීවනේ. අද උදේ පාන්දරම නමුනුකුල දිහා බලාගෙන මඩොල්සිම කන්ද දිගේ ගොඩ දුරක් යන්න ලැබුන. ඇත්තටම නමුනුකුලයි, සහචර කදුවැටි ටිකයි මාව වසගයටම ගත්ත. හවස ආපහු ඒ පාර දිගේම ආපහු එනකොට මගේ ෆෝන් එකේ කැමරාවට නිවනක් නැති උනා. මේ ඒ වෙලාවේ කැමරාවේ සටහන් වෙච්ච රූප ටිකක්. මම චායාරූප ශිල්පියෙක් නොවන බවත්, මේ චායාරූප  එතරම් හොද නොවන මෙගා පික්සල් 5ක කැමරාවක සටහන් උන ඒවා බව සලකනු මැනවි.

Thursday, August 16, 2012

කදු හිසේ තුරු හිස

මේ මහ වලාකුලු
කඩා හලුනොත්නම් 
අනෝරාවක් වෙලා
තනි මං
කොහොම රැක ගන්නද
නුබව නොතෙමී..