Sunday, November 30, 2014

අද්භූත ගම්මානයේ කඳවුර | CAMPING AT MYSTERIOUS VILLAGE

අපේ කඳවුර 

ලංකාවේ ගෙවපු නිවාඩුවේ පින්තුර තව ඉතිරි වෙලා තිබුනත් පහුගිය දවසක අපි ගියපු ගමනක් පින්තුර ටිකක් ඊට කලින් පල කරන්න ඕන කියලා හිතුනා. 

හුදෙකලාවේ ගෙවෙන යාන්ත්‍රික ජිවිත මොහොතකට අමතක කරලා මේ පොඩි චාරිකාව යන්න සැලසුම් කරගෙන හිටියේ සෑහෙන දවසක ඉදලයි. මගේ එක සගයෙක් වෙච්ච සුවාට තිබුණු කඳවුරු (Camping) උණ නිසා අපි ඒ චාරිකාව කාන්තාරයේ කඳවුරුලෑමක් බවට පත්කරන්න තීරණය කළා. හැබැයි මේ චාරිකාව පියවර දෙකකින් කරන්නයි අවසනේදී තීරණය උනේ. 

පලවෙනි පියවර විදිහට දහවල් කාලයක අපේ කදවුර සදහා තැනක් හොයා ගන්න නියමු චාරිකාවක් විදිහටත්, දෙවෙනි පියවර රාත්‍රී කාලයේ අදාළ තැන කදවුරු බඳින්නත් තමයි සැලසුම උනේ.  ස්ථානය උනේ කටාර් සිනමා නගරය ළඟ පිහිටපු අද්භූත ගම්මානය. මේ වසරේ මුලදීත් මං මේ තැනට ගියා. මේ තියෙන්නේ එදා එකතු කර ගත්ත පින්තුර ටික. 

කටාර් රාජ්‍යයේ බටහිර වෙරළ ආසන්නයේ තමයි මේ ස්ථානය පිහිටලා තියෙන්නේ. දෝහා නගරයේ ඉදන් දුක්කාන් අධිවේගී මාර්ගය දිගේ ඇවිත්, Cuban රෝහල අසලන් උතුරු දිශාවට ගමන් කරන මාර්ගයෙන් ගමන් කලොත් ලේසියෙන්ම මේ ස්ථානය හොයා ගන්න පුළුවන්. මේ මාර්ගය අවසන් වෙන තැන ඉදන් වෙරලට සමාන්තරව කාන්තාරය දිගේ උතුරු දිහාවට යන්නයි තියෙන්නේ. ගුගල් සිතියමෙන් ලේසියෙන්ම තැන හොයා ගන්න පුළුවන්. 
ඉතින් මේ තියෙන්නේ මේ ගමනේදී එකතු කර ගත්ත පින්තුර වලින් තිර ගත්ත ඒවා කිහිපයක්. 

අද්භූත භුමි ලක්ෂණ

ගවේශකයා (සුවා)


බිම්මලක් 

ගමන් සගයා


අද්භූත ගම්මානයේ පිවිසුම 


අපේ කඳවුර හැදුවේ මේ පින්තුරේ වම කෙලවරේ 

සිනමා ගම්මානය 






ඉහල තියෙන පින්තුර දවල් කාලයේ ගමනේදී එකතු කර ගත්ත ඒවා. මෙතනින් පහල තියෙන්නේ දෙවෙනි පියවරේදී එකතු කර ගත්ත පින්තුර 


දුක්කාන් අදිවේගී මාර්ගය ඔස්සේ 


සිනමා ගම්මානය රාත්‍රී අහස යට 



පසුදින උදෑසන හිරු උදාවට ප්‍රථමයෙන් 
  
Zikreet වෙරල 

ඔය ඉන්නේ ගමන් සගයෝ ටික 

සුරංගනා කතාවක් නෙමෙයි. මේ කාන්තාරය. 



ජංගම දුරකතනයේ කැමරාවෙනුත් පින්තුර කීපයක් ඇල්ලුවා 
පැනොරාමාවක් (ජන්ගමයෙන්)

ජංගම දුරකතනයේ කැමරාවෙන්

ජංගම දුරකතනයේ කැමරාවෙන්

ගමන අවසානයේදී අපේ ගමන් සගයාගේ ලස්සන 

Monday, November 10, 2014

සුන්දර රජරට | මායිම් ගමේ

නිවාඩුව අවසන් වෙලා ඇවිත් ගෙවිච්ච මාස දෙකක කාලය ඇතුලේ මං මගේ සුපුරුදු පින්තුර ඇල්ලීමේ විනෝදාංශයේ යෙදුනේ නැති තරම්. ඉදල හිටලා ජංගම දුරකථනයෙන් පින්තුරයක් දෙකක් ගත්තට, මගේ කැමරාවට නම් තාමත් නිවාඩු. ඒත් පහුගිය නිවාඩු කාලයේ එකතු කර ගත්ත පින්තුර ගොඩක් තියෙනවා තවම පළ නොකළ.

ඉතිං මේ පළ කරන්න හදන්නේ ඒ පින්තුර අතරින් කිහිපයක්. මේ පින්තුර සටහන් කර ගත්තේ මහවැලි ව්‍යාපාරයට අයත් හුදෙකලා ගම්මානයක පිහිටි, අපේ අලුත් නිවහන වෙච්ච පුංචි ගුරු නිවාසය අවටින්. දශක කිහිපයක් තිස්සේ ඇවිලිලා ගිය යුධ ගිනිවල උණුසුම තදින් දැනිච්ච මායිම් ගම්මානයක් මේක. යුධ හමුදා කදවුරක් මායිමේ පිහිටපු අපේ නිවහන වටේටම තියෙන්නේ අතහැර දාපු, ගරාවැටුණු නිවාස. යුධ බිය මැකිලා ගියත් අලි ඇතුන්ගේ තර්ජනයන් නිසා මං සැලසුම් කරගෙන හිටපු රාත්‍රී අහසේ දර්ශන ගන්න නම් ඉඩක් ලැබුනෙම නෑ. 

සෑම උදාසනකම දකින දසුනක්
 හුදෙකලාවේ - පින්තුර කිහිපයක එකතුවක්  panorama 

ප්‍රවාහනය



මගේ නිවන මගේ පැල්පතයි 












රජ්ජුරුවෝ 



කැලෑ මල් වලත් රොන් තියෙනවා 
 


තවත් දිනකට හිරු උදාවක් 





දුම් බොන්නා


අපේ නිවහනට එන මඟ



මැද පෙරදිගදී බොහොම අමාරුවෙන් අල්ල ගත්ත ක්ෂිරපථය ගරා වැටුණු නිවාසයකට ඉහලින් බොහොම පහසුවෙන් අල්ල ගත්තා. 
රාත්‍රී අහස - අපේ නිවහනේ පෑල දොරින්
අකුණු ගැහුවට වැස්සක් නම් ආවේ නෑ පැත්ත පලාතේ.